Knowlex Academy අප ගැන
Knowlex Academy යනු සිංහල මාධ්‍යයෙන් උසස් තත්ත්වයේ, ප්‍රායෝගික දැනුම ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපන වේදිකාවකි. අපගේ අරමුණ ශිෂ්‍යයන්, වෘත්තිකයන් සහ ජීවිතයේ ඉදිරියට යාමට කැමති ඕනෑම පුද්ගලයෙකුට පහසු ලෙස ඉගෙනගැනීමේ අවස්ථා සලසා දීමයි.
අප විසින් සරලව, පැහැදිලිව සහ සැබෑ ජීවිතයට ගැළපෙන ආකාරයට සකස් කරන ලද පාඨමාලා මඟින් දැනුම පමණක් නොව කුසලතාද ඔබට ලබා දේ. සංකීර්ණ සංකල්ප පවා සිංහලෙන්, උදාහරණ සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග සමඟ ඉගැන්වීම අපගේ විශේෂත්වයයි.
Knowlex Academy හි සියලුම පාඨමාලා පෙර-පටිගත වීඩියෝ(Pre-recorded videos) පාඩම් ලෙස ලබා දෙන අතර, ඔබට පහසු වේලාවක ඉගෙනගැනීමට හැකිය. එක් වරක් ලියාපදිංචි වූ පසු අදාල පාඨමාලාවට ජීවිත කාලය පුරා ප්‍රවේශය ලබා දෙනු ඇත.
අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන් පරිබාහිර සිංහල භාෂාවෙන් ඉගෙනගන්නා අයට, නවීන දැනුම සහ කුසලතා ලබා දෙන විශ්වාසනීය අධ්‍යාපන වේදිකාවක් බවට පත්වීමයි. Knowlex Academy සමඟ එක්ව ඔබගේ දැනුම වැඩි කරගෙන, ඔබගේ අනාගතය ජය ගැනීමට ඔබ සැමට ආරාධනා කරන්නෙමු.